ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අද (18) දින එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා













