පුංචි දැරියට හදිකල පාසැල් වෑන් රියදුරු අත්අඩංගුවට

පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක් තුළදී වයස අවුරුදු හයයි මාස නවයක් වයසැති දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පැවසිය

දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය රෝහල් ගත කර තිබෙනවා

ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් කොස්තාපල්වරයකු ගේ දියණියක් වන දැරිය පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර ඊයේ (17) දහවල් පාසල නිමවීමෙන් අනතුරුව වෑන් රථ රියදුරා විසින් දැරිය රැගෙන විත් වෑන් රථය තුළට ගොඩකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව එම වෑන් රථ රියදුරා අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය පැවසීය

ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය

අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

කුඩා දරුවන් පාසල් වෑන් රථ කරා යොමු කිරීමේදී වෑන් රථයේ අභ්‍යන්තරයේ තිබෙන පහසුකමට වඩා විශේෂයෙන් එහි පාලිකාවක් සිටීද යන්න දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් සේම, දෙමව්පියන්ගේ වගකීමක් බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම පැවසීය

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් වෑන් රථ රියදුරු වයස අවුරුදු 50ක් පමණ වන ගැහැනු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත පියංගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
22
+1
2
+1
8
+1
26
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36