වකුගඩු සැත්කම් කළ බොරැල්ලේ පුද්ගලික රෝහලේ ඉල්ලීමට අධිකරණයේ දී නීතිපතිගේ විරෝධය

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා බොරැල්ල, පුද්ගලික රෝහලකට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එම රෝහල වෙනුවෙන් කර තිබෙන ඉල්ලීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා තම රෝහලට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පුද්ගලික රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මෙම විරෝධය මතු කර සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අත්හිටුවීමේ අතුරු සහන ඉල්ලීමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් දන්වා සිටියා.

එම ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ විරෝධය පළ කර සිටියා.

මෙම පෙත්සම විභාගයට නියම කර තිබියදී මේ ආකාරයෙන් අතුරු සහන ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් නොකොට මේ ආකාරයෙන් අතුරු සහන අයැද සිටීමට හැකියාවක් නොමැති බවත් කරුණු දක්වා සිටියා.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය ලබන 22 වනදා කැඳවීමට දින නියම කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38