Empty Ad
AFC Banner
Empty Ad

වකුගඩු සැත්කම් කළ බොරැල්ලේ පුද්ගලික රෝහලේ ඉල්ලීමට අධිකරණයේ දී නීතිපතිගේ විරෝධය

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා බොරැල්ල, පුද්ගලික රෝහලකට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එම රෝහල වෙනුවෙන් කර තිබෙන ඉල්ලීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා තම රෝහලට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පුද්ගලික රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මෙම විරෝධය මතු කර සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අත්හිටුවීමේ අතුරු සහන ඉල්ලීමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් දන්වා සිටියා.

එම ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ විරෝධය පළ කර සිටියා.

මෙම පෙත්සම විභාගයට නියම කර තිබියදී මේ ආකාරයෙන් අතුරු සහන ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් නොකොට මේ ආකාරයෙන් අතුරු සහන අයැද සිටීමට හැකියාවක් නොමැති බවත් කරුණු දක්වා සිටියා.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය ලබන 22 වනදා කැඳවීමට දින නියම කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අයගේ පඩි යන්නේ කොහෙටද ? මගේ පඩිය එන්නේ මගේ බැංකු ගිණුමට
12:36
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
02:27:14
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30

?