වකුගඩු සැත්කම් කළ බොරැල්ලේ පුද්ගලික රෝහලේ ඉල්ලීමට අධිකරණයේ දී නීතිපතිගේ විරෝධය

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා බොරැල්ල, පුද්ගලික රෝහලකට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එම රෝහල වෙනුවෙන් කර තිබෙන ඉල්ලීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා තම රෝහලට ලබාදී තිබූ අනුමැතිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පුද්ගලික රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මෙම විරෝධය මතු කර සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අත්හිටුවීමේ අතුරු සහන ඉල්ලීමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් දන්වා සිටියා.

එම ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ විරෝධය පළ කර සිටියා.

මෙම පෙත්සම විභාගයට නියම කර තිබියදී මේ ආකාරයෙන් අතුරු සහන ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් නොකොට මේ ආකාරයෙන් අතුරු සහන අයැද සිටීමට හැකියාවක් නොමැති බවත් කරුණු දක්වා සිටියා.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය ලබන 22 වනදා කැඳවීමට දින නියම කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?