අයහපත් කාලගුණයෙන් පවුල් 2,511ක පුද්ගලයින් 10,050ක් ආපදාවට

‘මෝඛා සුළි කුණාටුව’ මේ වනවිට දිවයින්නෙන් සම්පූර්ණයෙන් බැහැරව ගොස් ඇති ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ සඳහන් කළේ පැවති අයහපත් කාලගුණයෙන් පසුගිය 10 වනදා සිට අද (16) දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 34ක, පවුල් 2511ක පුද්ගලයින් 10,050ක් ආපදාවට ලක්ව ඇති බවයි.

මෙහිදී පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර නිවාස 76කට පමණ අයහපත් කාලගුණයෙන් හැකි සිදුව තිබෙනවා.

පැවති වර්ෂාව අවසන් වුවද තවමත් සුළු ගංවතුර තත්ත්වයන්ගෙන් මාර්ග අවහිර වී ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

එසේ පැවතියත් වාහන ගමනා ගමනයට හානියක් නොමැති බවයි වට්ය්ජ වන්නේ.

මේ අතර ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා කිහිපයක් ද සූදානමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එය ඊයේ (14) දිනයේ දී විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර වෙත භාර දී තිබෙනවා.

අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57