AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන් පැයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න – පකිස්ථාන නීතිපති කියයි

අත්අඩංගුවට ගෙන සිටින පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පකිස්ථාන නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විසින් ප්‍රචණ්ඩ විරෝධතා ඇති කිරීමෙන් පසු අද ඉස්ලාමාබාද් අගනුවරට හමුදා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් දින අටක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඊයේ නියෝග කෙරුණා.

ඛාන් අත්අඩංගුවට ගැනීම ඔහුගේ පීටීඅයි පක්ෂ ආධාරකරුවන්ගේ කෝපයට හේතුවී ඇති අතර ඔවුන් නගර කිහිපයක ආරක්ෂක හමුදා සමඟ ගැටුම් ද ඇති කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඛාන් නෙරපා හැරීම ද හමුදාව විසින් මෙහෙයවූ බවටයි ඛාන්ගේ ආධාරකරුවන් චෝදනා කරන්නේ.

එහෙත් පාකිස්ථාන හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?