කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද එක්දින වැඩ වර්ජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද (11) දින උදෑසන 8 සිට එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ප්‍රසව හා නාරි වේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට සිදු කරන ලද පහරදීමට සම්බන්ධ පුද්ගලයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක බවය.

හදිසි ප්‍රතිකාර සේවාවන් සිදුවන අතර අනෙකුත් සියලු ප්‍රතිකාර සේවාවන් නතර කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?