විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක්

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා.

ඒ විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය ලේඛන පමණක් මේ වන විට කොන්සියුලර් අංශය විසින් සකස් කෙරෙන අතර, මෙම පද්ධතිය අලුත්වැඩියා කිරීමෙන් පසු අනෙකුත් ලේඛන ද සකස් කෙරෙනු ඇති.

අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය කනගාටුව පළ කරන අතර මහජනතාවට සිය සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා දූරකථන අංක කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ – 011 233 8812
ප්‍රාදේශීය කාර්යාලය, යාපනය -0212 21 5972
ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය – 026 222 3182 /86
ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර -081 238 4410
ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල -037 222 5931
ප්‍රාදේශීය කාර්යාලය, මාතර – 041 222 6713/ 041 222 6697 යන අංක ඔස්සේ වැඩිදුර තොරතුර ලබා ගැනීමට සම්බන්ධ විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46