කටානේ ‘අල් ඔබේදාන්’ ඇඟලුම් කම්හලේ හිමිකරු සහ ඇමති ටිරාන් අලස් අතර විශේෂ සාකච්ඡාවක්

මේ වනවිට ආන්දෝලනයකට පත්ව ඇති කටාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘අල් ඔබේදාන්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සකච්ඡාවක් අද (09) පස්වරුවේ පැවැත්වෙන බව තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රකාශකයෙකු අප සමඟ සඳහන් කළේ අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉවත්කර ගන්නවා ද නැද්ද යන අවසන් තීරණය ගන්නා බවයි.

මේ අතර පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගැනීමෙන් අනතුරුව මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවතත් පවත්වාගෙන යාමට එහි හිමිකරු එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළා.

මහනුවරදී අද (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කිහිප දෙනෙකුට පසුගිය මාර්තු මස 30 වනදා මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එහි හිමිකරු තීරණය කළේ මෙම ආයෝජනය අවසන් කර නැවතත් තමාගේ රට බලා යෑමටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,

මේ ප්‍රදේශයේ විශාල පිරිසක් කර්මාන්ත ශාලාවේ රැකියා කරනවා. මේ පිළිබඳ අවධානය යොමු කරලා අපි කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඔහු කිව්වේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ, තවදුරටත් කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂාවක් නෑ කියලා. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා පොරොන්දු වුණේ කර්මාන්ත ශාලාවේ පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට අමතරව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නවා කියලා. ඉන්පසුවයි ඔහු නැවතත් එම ආයෝජනය ශ්‍රී ලංකාවේම කරන්න තීරණය කළේ. නමුත් ඒ මහතා ඉල්ලීමක් කරා තවදුරටත් මෙම ඇඟලුම් ආයතනය කටාන ප්‍රදේශයේ සිදුකරගෙන යෑමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස, අපි අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්තායතනයේ හිමිකරුට කීවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ ආයෝජන කලාපයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා නොමිලේ ඉඩමක් ලබාදීමට සූදානම් කියලා. ඔහු ඊට එකඟ වුණා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් අපි නොමිලේ ලබාදීම සඳහා පියවර ගන්නවා. හැබැයි මෙමගින් මේ මැර ප්‍රහාරය සාධාරණීකරණය කරන්න අපි කටයුතු කරන්නේ නෑ,මේ මැර ප්‍රහාරය අපේ රටේ ආයෝජන ක්ෂේත්‍රයට එල්ල වූ බලවත් ප්‍රහාරයක් වශයෙන් තමයි අපි දකින්නේ කවුරු කරත් අපි මේ නින්දිත ප්‍රහාරයක් දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුනට දැඩි නීතිමය පියවර ගත යුතුයි.මේ වනවිට ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිද්ධ වෙනවා. එහිදී වරදකරුවන්ට තරාතිරම නොබලා අදාළ නීතිමය කටයුතු කරන්න කියලයි උපදෙස් දීලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
27
+1
3
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43