ගුරුවරයෙකුගේ නොහොබිනා වැඩෙන් පාසලත් වැසෙයි

යාපනයේ පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් හේතුවෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අද (08) දින පාසල පැවත්වීමට නොහැකි වූ බව පාසලේ ආචාර්යවරුන් පවසා සිටි බව අප වාර්තාකරු පැවසුවා.

අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගෙන් ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව ශිෂ්‍යාව නිවසට ගිය විටදීද දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට ඇතැයි මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් දින කිහිපයක් ගුරුවරයාගේ බලපෑම ඉවසාගත නොහැකිව ශිෂ්‍යාව විසින් මේ පිළිබදව දෙමව්පියන්ට අනාවරණය කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර අදාල සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් මෙන්ම සිසු දරුවන්ගේ දෙමාපියන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමටද උත්සහ කොට ඇති අතර එහිදී සෙසු ගුරුවරු විසින් සිද්ධියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබෙනවා.

පසුව ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසාවෙන් පාසල වසා දමා ඇති අතර අදාල ගැටලුව සම්බන්ධයෙන් යාපනයේ කලාප අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකොට ඉදිරියේදී පාසල් අධ්‍යාපන කටයුතු සිදුකරන බවට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13