යාපනයේ පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් හේතුවෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අද (08) දින පාසල පැවත්වීමට නොහැකි වූ බව පාසලේ ආචාර්යවරුන් පවසා සිටි බව අප වාර්තාකරු පැවසුවා.
අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගෙන් ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව ශිෂ්‍යාව නිවසට ගිය විටදීද දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට ඇතැයි මේ වන විට අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් දින කිහිපයක් ගුරුවරයාගේ බලපෑම ඉවසාගත නොහැකිව ශිෂ්‍යාව විසින් මේ පිළිබදව දෙමව්පියන්ට අනාවරණය කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මේ අතර අදාල සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් මෙන්ම සිසු දරුවන්ගේ දෙමාපියන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමටද උත්සහ කොට ඇති අතර එහිදී සෙසු ගුරුවරු විසින් සිද්ධියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබෙනවා.
පසුව ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසාවෙන් පාසල වසා දමා ඇති අතර අදාල ගැටලුව සම්බන්ධයෙන් යාපනයේ කලාප අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකොට ඉදිරියේදී පාසල් අධ්‍යාපන කටයුතු සිදුකරන බවට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.













