දළඳා මාලිගාව අසල ඩ්‍රෝන යානාවක් යැවූ චීන දෙපළකට අවවාද

නිසි අවසරයකින් තොරව ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කිරීමට උත්සාහ කරන බවට ඇති වූ සැකයක් මත චීන ජාතිකයින් දෙදෙනෙකු අද (08) මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බව පොලීසිය පවසනවා.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙන අතර එහි මහනුවර ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමට පොලීසිය තීරණය කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් චීන ජාතිකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57