2023 ආසියානු කුසලානය ගැන පාකිස්ථාන මාධ්‍යයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙවර ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) සහාය පළ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයෙන් පිටතට ගෙන ගියහොත් ඊට සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකම කැමැත්තෙන් සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි තීරණය සඳහා සහාය පළ කර ඇද්ද යන්න සම්බධයෙන් අප එම ආයතනයෙන් විමසා සිටියේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ එවැනි තීරණයක් ක්‍රිකට් ආයතන විසින් ගෙන නොමැති බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතන විසින් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත් සඳහන් කර සිටියා.

මෙවර ආසියානු කුසලානය සඳහා තම කණ්ඩායම පාකිස්ථානයට යැවීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ, අනුව මෙම තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටයි ලොව ප්‍රබලතම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උනන්දු වුණේ.

2023 ආසියානු කුසලානය ක්‍රිකට් තරගවලිය සඳහා සත්කාරකත්වය පාකිස්ථානයට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31