නුවරඑළිය නගරයේ ඉදි කිරිම් සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක්

නුවරඑළිය නගරයේ ඉදිකිරීම් හා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කල විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ නීතිඥවරයාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් කමිටුව ස්ථාපනය කිරීම (08) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේ නිල සංචාරයකට එකතු වූ අවස්ථාවක පැවති සාකච්චාවකදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කල කරුණක් වන නුවරඑළිය සංචාරක හා පාරිසරික නගරය අලංකාරය රැකගැනීම වෙනුවෙන් තට්ටු 4ට වැඩි උස් ගොඩනැගිලි ඉදිකිරීම නැවැත්වීමට හා දැනට පවතින උස් ගොඩනැගිලි නුවරඑළිය පරිසරයට ගැළපෙන පරිදි සකස් කිරීමේ යෝජනාවට අනුව විශේෂ කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුකූලව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ නීතිඥවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැලසුම් කමිටුවක් ස්ථාපනය කිරීමට ලද උපදෙස් අනුව මෙම වැඩසටහන සිදු කල බව ආණ්ඩුකාරවරයා පැවසූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකාරක කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාගරික සංවර්ධන අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය , වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල ආයතන ප්‍රධානීන් දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රධානීන් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරන පළපුරුදු ඉන්ජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම කමිටුව සඳහා තෝරා ගැනීමට තීරණය කර තිබෙනවා.

කමිටුවේ කැදවුම්කරු වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ නම් කර තිබෙනවා.

මේ වන විට නුවරඑළිය නගරය තුළ තුල අනවසර ඉදිකිරීම් රාශියක් අනුමැතියකින් තොරව සිදුවන බවත් ඒවා වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසත් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් තාවකාලිකව ලබා දීමෙන් පසු එය අයිති කරගැනීමට දරන උත්සාහයන් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එහි පැමිණි නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජීවන් ජීවන් තොන්ඩමන් , පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාන්ඩි රාමේෂ්වරන් , දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබොඩ, අතිරේක දිස්ත්‍රික් ලේකම් හා නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න යන අය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධානීන් හා නුවරඑළිය දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන යන අයත් සහභාගි වී සිටි වන අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57