ආණ්ඩුකාර ධුරවල වෙනසක් ගැන ඉඟියක්

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රී පැවති සහෝදරත්වයේ වෙසක් උත්සවය අමතමින් ඇය කියාසිටියේ බොහෝ විට තමන් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ලෙසට ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බවටයි.

මේ අතර පළාත් 4ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එම තීරණය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන පිරිසට මෙලෙස දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ ලන්ඩනයේ පැවති බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසු නව ආණ්ඩුකාරවරුන් නම් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46