spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුකාර ධුරවල වෙනසක් ගැන ඉඟියක්

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රී පැවති සහෝදරත්වයේ වෙසක් උත්සවය අමතමින් ඇය කියාසිටියේ බොහෝ විට තමන් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ලෙසට ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බවටයි.

මේ අතර පළාත් 4ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එම තීරණය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන පිරිසට මෙලෙස දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ ලන්ඩනයේ පැවති බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසු නව ආණ්ඩුකාරවරුන් නම් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?