ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වෙළඳ සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 5ක දරුවෙකුද ඇතුළුව 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාද පොලිසියේ වෙඩි තැබීමකින් මිය ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
ඝාතකයාගේ අරමුණ මෙතෙක් අනාවරණ වී නැහැ.
වෙඩි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයින් 7දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
ටෙක්සාස් හි වයස අවුරුදු 21 හෝ ඊට වැඩි බොහෝ වැඩිහිටියන්ට පෙර වරදක් නොමැති නම් බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් රැගෙන යාමට අවසර පවතිනවා.
මීට අමතරව, රයිෆල් සහ වෙඩි බෙහෙත් සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් සීමාවන් කිහිපයක් ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ තොරතුරුවලට අනුව, මේ වසරේ මේ දක්වා එක්සත් ජනපදයේ අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මිය ගිය හෝ තුවාල ලැබූ වෙඩි තැබීම් 198ක් සිදුවී තිබෙනවා.
එය 2016 වසරේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාව ලෙසටයි සැලකෙන්නේ.




