ඇමරිකාවේ වෙඩි තැබීමකින් 8ක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වෙළඳ සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 5ක දරුවෙකුද ඇතුළුව 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාද පොලිසියේ වෙඩි තැබීමකින් මිය ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

ඝාතකයාගේ අරමුණ මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයින් 7දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

ටෙක්සාස් හි වයස අවුරුදු 21 හෝ ඊට වැඩි බොහෝ වැඩිහිටියන්ට පෙර වරදක් නොමැති නම් බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් රැගෙන යාමට අවසර පවතිනවා.

මීට අමතරව, රයිෆල් සහ වෙඩි බෙහෙත් සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් සීමාවන් කිහිපයක් ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ තොරතුරුවලට අනුව, මේ වසරේ මේ දක්වා එක්සත් ජනපදයේ අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මිය ගිය හෝ තුවාල ලැබූ වෙඩි තැබීම් 198ක් සිදුවී තිබෙනවා.

එය 2016 වසරේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාව ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57