ජනප්‍රිය යූ ටියුබ් තරුවක් යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට (ඡායාරූප)

මිලියන 1.2ක ග්‍රාහකයින් සංඛ්‍යවක් සිටින ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අගස්තායි චෞහාන් නැමැති ඉන්දීය ජාතික තරුණයා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදි අනතුරකින් මෙම තරුණයා පසුගිය බදාදා මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘Pro Rider 1000’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය මෙම තරුණයා ඔහුගේ යූ ටියුබ් නාලිකාව සඳහා වීඩියෝවක් කරමින් යතුරුපැදියෙන් අධික වේගයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රා සිට දිල්ලියට එමින් සිටින අතර තුර යමුනා අධිවේගී මාර්ගයේ දී ඔහුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී ඔහු පැළඳ සිටි හිස්වැස්ම කැබලි කිහිපයකට කැඩීගොස් තිබූ අතර, ඔහුගේ හිසට බරපතළ හානි සිදුවීම නිසා මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
29
+1
12
+1
13
+1
247
+1
34
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?