මෙරටට ආනයනය කර තිබූ සැකකටයුතු RBD පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් මුද්‍රාතැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (04) කටයුතු කර තිබෙනවා.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී අදාළ පොල්තෙල් තොගය අඩංගු කන්ටේනර් රථය කැකිරාව, මාංකඩවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගාල්කර තිබියදී සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ආනයනික පොල්තෙල් තොගය කැකිරාව ප්‍රදේශයට රැගෙනවිත් තිබූ අතර, එවා මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ නිසි තත්ත්ව වාර්ථා ඉදිරිපත් කිරීමට අදාළ ව්‍යාපාරිකයා එම අවස්ථාවේ අසමත්ව තිබෙනවා.
ඒ, හේතුවෙන් මෙම පොල් තෙල් තොගය සිය භාරයට ගැනීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
මෙලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23,500ක්.
විදේශ රටක නිෂ්පාදිත එම RBD පොල්තෙල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ආනයනික මෙම සැකකටයුතු පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න සොයා බැලීමට සෞඛ්‍ය බලධාරීන් අදාළ පොල්තෙල් තොගයෙන් සාම්පල ලබාගැනීමටත් එම සාම්පල රසායනාගාර පරීක්ෂාව සදහා අනුරාධපුර ආහාර රසායනාගාරයේ රජයේ අනුමත අතිරේක රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.
අදාළ පොල්තෙල් තොගයේ රසපරීක්ෂක වාර්තා ලැබෙනතෙක් එම සැකකටයුතු පොල්තෙල් තොගය අඩංගු කන්ටේනරය මුද්‍රා තැබීමයි කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ.





























