සැකකටයුතු ආනයනික පොල්තෙල් කන්ටේනරයකට කැකිරාවේ දී සීල් තබයි (ඡායාරූප)

මෙරටට ආනයනය කර තිබූ සැකකටයුතු RBD පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් මුද්‍රාතැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (04) කටයුතු කර තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී අදාළ පොල්තෙල් තොගය අඩංගු කන්ටේනර් රථය කැකිරාව, මාංකඩවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගාල්කර තිබියදී සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ආනයනික පොල්තෙල් තොගය කැකිරාව ප්‍රදේශයට රැගෙනවිත් තිබූ අතර, එවා මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ නිසි තත්ත්ව වාර්ථා ඉදිරිපත් කිරීමට අදාළ ව්‍යාපාරිකයා එම අවස්ථාවේ අසමත්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් මෙම පොල් තෙල් තොගය සිය භාරයට ගැනීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මෙලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23,500ක්.

විදේශ රටක නිෂ්පාදිත එම RBD පොල්තෙල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ආනයනික මෙම සැකකටයුතු පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න සොයා බැලීමට සෞඛ්‍ය බලධාරීන් අදාළ පොල්තෙල් තොගයෙන් සාම්පල ලබාගැනීමටත් එම සාම්පල රසායනාගාර පරීක්ෂාව සදහා අනුරාධපුර ආහාර රසායනාගාරයේ රජයේ අනුමත අතිරේක රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.

අදාළ පොල්තෙල් තොගයේ රසපරීක්ෂක වාර්තා ලැබෙනතෙක් එම සැකකටයුතු පොල්තෙල් තොගය අඩංගු කන්ටේනරය මුද්‍රා තැබීමයි කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ.

WhatsApp Image 2023 05 05 at 10.31.45 AM
WhatsApp Image 2023 05 05 at 10.31.46 AM 1
WhatsApp Image 2023 05 05 at 10.31.46 AM
WhatsApp Image 2023 05 05 at 10.31.47 AM 1
WhatsApp Image 2023 05 05 at 10.31.47 AM
WhatsApp Image 2023 05 05 at 10.31.48 AM
WhatsApp Image 2023 05 05 at 10.31.49 AM 1
WhatsApp Image 2023 05 05 at 10.31.49 AM
WhatsApp Image 2023 05 05 at 10.31.50 AM
WhatsApp Image 2023 05 05 at 10.31.53 AM
WhatsApp Image 2023 05 05 at 10.31.54 AM 1
WhatsApp Image 2023 05 05 at 10.31.54 AM
WhatsApp Image 2023 05 05 at 10.31.55 AM
WhatsApp Image 2023 05 05 at 10.31.56 AM
WhatsApp Image 2023 05 05 at 10.31.57 AM
WhatsApp Image 2023 05 05 at 10.31.58 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27