ඊයේ (04) වැනිදා සසුනට අරුණ වැඩසටහනට සමගාමීව ආණමඩුව – කොරකහයාය රාමන්කුලම මහකුඹුක්කඩවල ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ ඉදිවුණු චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සසුනට පුජා කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් සිදු වුන බව අප වාර්තාකරු පැවසුවා.
සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදිවුන 12 වන චෛත්‍යරාජයාණන් වහන්සේ මෙසේ පූජා කර තිබෙනවා.
රට ගොඩගැනීමට තම පක්ෂයට ලොකු අරමුණක් තිබෙන බව විපක්ෂ නායකවරයා එහිදී පැවසු අතර තව දුරටත් කථා කළ විපක්ෂ නායකවරයා පැවසුවේ,
අද වන විට අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වී මහජනතාවගේ ජන ජිවිත කඩා වැටී ඇති බවත් ජනතාවට කරකියා ගත නොහැකිව අන්ත අසරණ වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සසුනට අරුණ වැඩසටහන තුළින් බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට අපේක්ෂා කරනවා.
එසේම පුද්ගලයකුගේ ජන ජීවිතයේ වැදගත්ම අංශ දෙකක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
මේ සෑම වැඩසටහනක් තුළින් අපේක්ෂා කරන්නේ රට ගොඩගැනීම බවත් රට ගොඩගැනීමට ලොකු බලාපොරොත්තුවක් සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා ඇති වේගවත් ක්‍රමය වන්නේ තොරතුරු තාක්ෂණ අපනයන වැඩසටහන බවත් විපක්ෂයේ සිට පවා සක්වල වැනි තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රට ගොඩගැනීමයි.
රජයෙන් බෞද්ධාගමික සිද්ධස්ථානවලට මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථානවලට නිසි තැනක් නොලැබුණත් විපක්ෂය මේ සෑම ආගමික ස්ථානයක් කෙරෙහිව අවධානය යොමු කර ඇති බවත් මේ ආගමික සිද්ධස්ථාන හරහා බුද්ධිමතුන් බිහි කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරිමට අපේක්ෂා කරනවා.
බුද්ධාගම පමණක් නොව සෙසු ආගම්වලට ද එක හා සමාන තැනක් ලබා දෙමින් රට තුළ රැකවරණය ආරක්ෂාව සකස් කරන බවද පැවසූ විපක්ෂ නායකවරයා මේ වැඩසටහනට යටතේ චෛත්‍ය 1125ක් සැදීමට නියමිත බවද අවධාරණය කළේය.


























