සසුනට අරුණ වැඩසටහන යටතේ චෛත්‍යක් පූජා කෙරේ(ඡායාරූප)

ඊයේ (04) වැනිදා සසුනට අරුණ වැඩසටහනට සමගාමීව ආණමඩුව – කොරකහයාය රාමන්කුලම මහකුඹුක්කඩවල ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ ඉදිවුණු චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සසුනට පුජා කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් සිදු වුන බව අප වාර්තාකරු පැවසුවා.

සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදිවුන 12 වන චෛත්‍යරාජයාණන් වහන්සේ මෙසේ පූජා කර තිබෙනවා.

රට ගොඩගැනීමට තම පක්ෂයට ලොකු අරමුණක් තිබෙන බව විපක්ෂ නායකවරයා එහිදී පැවසු අතර තව දුරටත් කථා කළ විපක්ෂ නායකවරයා පැවසුවේ,

අද වන විට අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වී මහජනතාවගේ ජන ජිවිත කඩා වැටී ඇති බවත් ජනතාවට කරකියා ගත නොහැකිව අන්ත අසරණ වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සසුනට අරුණ වැඩසටහන තුළින් බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට අපේක්ෂා කරනවා.

එසේම පුද්ගලයකුගේ ජන ජීවිතයේ වැදගත්ම අංශ දෙකක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

මේ සෑම වැඩසටහනක් තුළින් අපේක්ෂා කරන්නේ රට ගොඩගැනීම බවත් රට ගොඩගැනීමට ලොකු බලාපොරොත්තුවක් සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා ඇති වේගවත් ක්‍රමය වන්නේ තොරතුරු තාක්ෂණ අපනයන වැඩසටහන බවත් විපක්ෂයේ සිට පවා සක්වල වැනි තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රට ගොඩගැනීමයි.
රජයෙන් බෞද්ධාගමික සිද්ධස්ථානවලට මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථානවලට නිසි තැනක් නොලැබුණත් විපක්ෂය මේ සෑම ආගමික ස්ථානයක් කෙරෙහිව අවධානය යොමු කර ඇති බවත් මේ ආගමික සිද්ධස්ථාන හරහා බුද්ධිමතුන් බිහි කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරිමට අපේක්ෂා කරනවා.

බුද්ධාගම පමණක් නොව සෙසු ආගම්වලට ද එක හා සමාන තැනක් ලබා දෙමින් රට තුළ රැකවරණය ආරක්ෂාව සකස් කරන බවද පැවසූ විපක්ෂ නායකවරයා මේ වැඩසටහනට යටතේ චෛත්‍ය 1125ක් සැදීමට නියමිත බවද අවධාරණය කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51