විදුහල්පතිවරයෙකුගෙන් දැරියන්ට නොමනා වැඩක්

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන දෙමළ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා පුපුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා විසින් එම පාසලේ වයස අවුරුදු 14 හා 15 වයස්වල ශිෂ්‍යාවන්ට මෙසේ ලිංගික අතවර කර ඇතැයි පාසල් සංවර්ධන සමිතිය මගින් පුපුරැස්ස පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුවයි පරීක්ෂණ පවත්වා එම විදුහල්පතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ.

වයස අවුරුදු පනස් එකක් වූ මෙම විදුහල්පතිවරයා ගලහා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල නිම වූ පසු සිසුන් සමග මොහු බස් රථයකින් ගලහා ප්‍රදේශයට යාම සිදු කර තිබෙනවා.

ශිෂ්‍යාවන් අසල වාඩි වන මොහු රාජකාරි බෑගයට මුවා කරමින් ශිෂ්‍යාවන්ගේ පපු ප්‍රදේශය අතගෑම කලව අතගෑම එක් ක්‍රියාවක් බව එම පැමිණිලි වල සඳහන් අතර ඒ අනුව පොලිසිය කළ පරීක්ෂණවලදී එම ශිෂ්‍යාවන්ගේ කට උත්තර හා එය දැක ඇති සිසුන්ගේ ප්‍රකාශ මත එම පැමිණිලි තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා.

මොහුගේ මෙවැනි සිද්ධි පිළිබඳව පාසල් සංවර්ධන සමිතිය හා දෙමව්පියන් විසින් මීට පෙර කලාප කාර්යාලයටද පැමිණිලි කර ඇති අතර ඒ අනුව එම විදුහල්පතිවරයා කලාප කාර්යාලය වෙත මාරුකර කාර්යාලය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ ගුරුවරියක් වන අතර ඇය ගලහා ප්‍රදේශයේ පාසලක සේවය කරයි.

අත්අඩංගුට ගත් විදුහල්පතිවරයා අද (3) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21