ඩෙංගු සහ පූර්ණ රුධිර පරීක්ෂණවලට වැඩි මුදලක් අය කළ අයට දඩ

ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සඳහා රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන පවසා තිබෙනවා.

කොළඹ , නුගේගොඩ , මාලිගාකන්ද හා ගල්කිස්ස යන අධිකරණවලින් එම දඩ මුදල් නියමකර ඇතැයි ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය මගින් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පසුගිය මාස 4 තුළ සිදුකළ විමර්ශනවලදී වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව නඩු පැවරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කර තිබෙනවා.

ඊට අමතරව අනෙකුත් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් විවිධ මධ්‍යස්ථානවල විවිධ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් දැනට පාරිභෝගික කටයුතු අධිකාරියට මැදිහත්වීමේ අවකාශයක් නොමැති බවත් නමුත් බහුලව භාවිතා වන රසායනගාර පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් යම් මිල සීමාවක් පැනවීම සම්බන්ධයෙන් යෝජනා හා මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසු බව අප වාර්තාකරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10