උතුරු පළාතේ විදුලිය ඇනහිටී

අද රාත්‍රී 7.00 සිට අනුරාධපුර නව ග්‍රීඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උතුරු පළාතේ විදුලි සැපයුම ඇනහිට තිබේ.

ඊට අමතරව, වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව ග්‍රිඩ් උපපොළවල්වලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇනහිට ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලිය ඇනහිට ඇති බව ඔහු පැවසුවේ ය.