ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස තාරක බාලසූරිය නිතරඟයෙන් තේරී පත්වෙයි

පාර්ලිමේන්තුවේ අද (27) පැවති ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඒකමතිකව තේරී පත් වී තිබෙනවා.

ඔහු මෙලෙස තේරී පත්වූයේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

රාජ්‍ය සතු ව්‍යවසායවල කාර්ය සාධනය, මූල්‍ය ස්ථාවරත්වය, ආයෝජන කළමනාකරණය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා ඇති අවස්ථා ඇතුළු කරුණු පරීක්ෂා කිරීම මෙම කාරක සභාවේ කාර්යයන් වනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැනි අනෙකුත් මූල්‍ය කාරක සභාවල විෂය පථයන් එකිනෙක නොගැටෙන අයුරින් කාරක සභාවේ ඉදිරි කටයුතුකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38