ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන “එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) සිදු කෙරුණා.
මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ RAK ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
“පශ්චාත් වසංගත ලෝකයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම” තේමාව යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලය එක්වයි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් තීරය සහ මැදපෙරදිග ආර්ථික සන්දර්භයන් තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ගල්ෆ් තීරයේ සහ මැදපෙරදිග රටවල සමාගම් හා ශ්‍රී ලාංකික සමාගම් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනය මඟින් අපේක්ෂිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම මෙහි තවත් අරමුණක්.
මෙම සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයටත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලයටත් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනෙයේ හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.














RAK means Ras Al-Khaimah which is away from Capital Abu Dhabi and the commercial capital Dubai. I think this should be organised by liaising with the UAE Srilankan embassy to select the best location to get bigger and better exposure.