අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය (IBC) විසින් සංවිධානය කරන ලද පළමු ගෝලීය බෞද්ධ සමුළුව අප්‍රේල් 20-21 දිනවල දිල්ලි නුවරදී සර්ථක ලෙස පැවැත්විණි.
සමුළුවේ තේමාව වූයේ ‘දර්ශනවාදයේ සිට ප්‍රායෝගික තලය දක්වා සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම’ යන්නයි.
ගෝලීය වශයෙන් මානව වර්ගයා මුහුණ දෙන බහුවිධ ගැටළු සඳහා පිළිතුරු ගවේෂණය කිරීම මෙම සමුළුවේ අරමුණ විය.
බුදුදහම පදනම ලෙස තබා ගනිමින්, ලොව පුරා සිටින කීර්තිමත් විද්වතුන් විසින්, මිනිසුන් දිනපතා මුහුණ දෙන විවිධ ගැටළුවලට විසඳුම් සෙවීමට මෙහිදී උත්සාහ කෙරිණි.
බුද්ධාගම සහ සාමය, පාරිසරික අර්බුදය, සෞඛ්‍ය හා තිරසාරභාවය, නාලන්දා බෞද්ධ සම්ප්‍රදාය සුරැකීම, බෞද්ධ වන්දනා, ජීවමාන උරුමයන් සහ බුද්ධ ධාතු වැනි විෂයයන් එහි මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක් විය.
සමුළුව ආරම්භ වීමට ප්‍රථම ජනමාධ්‍යය අමතමින්, ඒ පිළිබඳව අදහස් දැක්වූ සමුළුවේ සංවිධායකයන් සඳහන් කර තිබුණේ, ප්‍රධාන ගෝලීය ගැටලු ගැන සිතීමට, සාකච්ඡා කිරීමට සහ එකට වැඩ කිරීමට පෙළඹවීමට බෞද්ධ ප්‍රජාව එක්සත් කිරීම තමන් අරමුණු කර ඇති බවයි.
විශ්වයේ ආන්තික දෘෂ්ටිකෝණ දෙකක් අතර ගැටුමක් පවතින අතර, බුදුන් වහන්සේගේ මැද මාවත සහ සමතුලිතතාවය එහි විසඳුමේ යතුර වේ.
අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අභිජීත් හෙල්ඩර් පැවසුවේ, වර්තමානයේ ලෝකය යුද්ධය, ප්‍රචණ්ඩත්වය, ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන බවයි.
මිනිසා විසින් නිර්මාණය කරන ලද මෙම ගැටළු විසඳිය හැක්කේ මිනිසාට පමණි.
මේ සම්බන්ධයෙන් ලොව පුරා සිටින හොඳම බෞද්ධ චින්තකයන් එකම වේදිකාවකට ගෙනවිත්, මිනිසාගේ චින්තනය වෙනස් කොට ගැටළු සඳහා විසඳුම් සෙවීම සමුළුවේ අරමුණයි. එසේම එහි අරමුණ ලෝකයට පණිවිඩයක් ලබාදීමයි.
මෙම සමුළුවට ලොව පුරා රටවල් 30 කින් නියෝජිතයෝ 180 ක් සහභාගී වූහ.
ඊට අමතරව ඉන්දියාව පුරා සිටින චින්තකයෝ සහ බෞද්ධ ආගමික නායකයෝ රැසක්ද ඊට එක්වූහ.
මෙක්සිකෝව සහ බ්‍රසීලය වැනි දුර බැහැර රටවල සිට ද සමුළුවට නියෝජිතයෝ පැමිණියහ.
මෙම සමුළුව පිළිබඳව අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය විසින් පළමු වරට යෝජනා කරන ලද්දේ 2010 වසරේ සරත් සෘතුවේ දී, ලාමා ලොබ්සාං හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ය.
ඉන් අනතුරුව ඉන්දීය භූමියේ මෙතෙක් පැවැත්වීමට නියමිත බෞද්ධයන්ගේ විශාලතම අන්තර්ජාතික රැස්වීමක් වන ගෝලීය බෞද්ධ සමුළුව සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භ විය.
ගෝලීය බෞද්ධ සංගමයේ වැඩකටයුතු සහ දැක්ම, අනාගතයට ගෙන යාමටත් බුදුදහමේ චිරස්ථායී අවශ්‍යතා නියෝජනය කිරීමටත් ස්ථිර ‘ප්‍රමුඛ මණ්ඩලයක්’ පිහිටුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය.
මෙම පළමු ගෝලීය බෞද්ධ සමුළුව ප්‍රධාන දේශන දෙකකින් ද සමන්විත විය.
ඉන් එකක් දලයි ලාමාතුමන්ගේ වූ අතර අනෙක, සමුළුවේ ආරම්භක දේශනය ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ විය.
එම දේශන දෙකම මේ වන විට ලොව පුරා බෞද්ධයන්ගේ විශාල අවධානයකට පාත්‍රවී තිබේ.
ඒ අතුරින් දලයි ලාමාතුමාගේ දේශනයේදී ටිබෙටයේ තත්ත්වය ඉස්මතු කෙරිණි.
එසේම ප්‍රඥාව සහ දයානුකම්පාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද එතුමන් ලෝකයෙන් ඉල්ලා සිටියහ.
“ලෝකයේ සිටින සියලුම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුවරුන් අතර, බුදුන් වහන්සේ අද්විතීය ගුරුවරයෙකු ලෙස සැබැවින්ම නිර්වචනය කරන එක් කරුණක් නම්, රඳා පැවතීම පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීමයි.
එය බෞද්ධ තීක්ෂ්ණ බුද්ධියේ සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ හරය සැබවින්ම ග්‍රහණය කරයි.” යැයි දලයි ලාමාතුමා වැඩිදුරටත් සඳහන් කළහ.
සමුළුවේ ආරම්භක දේශනය පවත්වන ලද්දේ අගමැති නරේන්ද්‍ර මෝදි ය.
බුදුන් වහන්සේ යනු රූපයට එහා ගිය විඥානයක් බව ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි එහිදී ප්‍රකාශ කළේය.
උන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව පෙන්වා දුන් අගමැති මෝදි, නවීන ලෝකයේ ගැටලු සඳහා බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයාගත හැකි බවද කියා සිටියේය.
අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ විවිධ ක්ෂේත්‍ර රැසක පුද්ගලයන් රැසක් සමුළුවට සහභාගි වීමෙන් පිළිබිඹු කෙරෙන්නේ සමස්ත මනුෂ්‍යත්වයම එක් හුයකින් යා කරන බුදුන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්තිය වන බවයි.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව පැවසූ අගමැතිවරයා, නවීන ලෝකයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයාගත හැකි බවද පැවසීය.
ඉන්දියාව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචලිත කිරීමට කැපවීමෙන් කටයුතු කර ඇති බව අගමැතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපොළ සහ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය හා එක්ව ලුම්බිණියේ ඉදි කළ බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සඳහා ඉන්දීය අන්තර්ජාතික මධ්‍යස්ථානය වැනි බුදු දහමේ ප්‍රවර්ධනයට ගත් පියවර හෙතෙම සිහිපත් කළේය.
මේ සමුළුව ඉන්දියාවේ 75 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී පැවැත්වෙන බව සිහිපත් කරමින් අගමැතිවරයා සඳහන් කළේ, ඉන්දියාව සතුව සිය අනාගතය සහ ගෝලීය යහපත සඳහා නව අධිෂ්ඨානයන්ට සුවිසල් ඉලක්කයක් ඇති බවයි.
විවිධ ක්ෂේත්‍රවලදී ඉන්දියාව විසින් ලඟා කරගත් මෑත කාලීන ගෝලීය ජයග්‍රහණ පිටුපස ඇති අනුප්‍රාණය බුදුන් වහන්සේ වන බව අගමැතිවරයා සඳහන් කළේය.
සමාරම්භක ගෝලීය බෞද්ධ සමුළුව විවිධ ජාතීන්ගේ යහපත සදහා ඵලදායි වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි ද අගමැතිවරයා විශ්වාසය පළ කළේය.
අගමැතිවරයා සඳහන් කළේ “බුද්ධ මාර්ගය අනාගත මාවත සහ තිරසාර මාවතයි.
ලෝකය බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළේ නම්, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ලෝකය මුහුණ නොදෙනු ඇත.” යනුවෙනි.
එසේම, ජාතීන් අන් අය ගැන සිතීම සහ ඉදිරි පරම්පරාවන් ගැන සිතීම නැවැත්වූ නිසා වත්මන් ලෝක ගැටලු නිර්මාණය වී තිබෙන බවද අගමැතිවරයා පැහැදිලි කළේය.
බුදුන් වහන්සේ යහපත් හැසිරීමක් දේශනා කළේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා එවැනි හැසිරීම් සමස්ත යහපතට හේතු වන බැවින් බව ද අගමැතිවරයා සඳහන් කළේය.
ජීවන රටාව, ආහාර ගැනීම හෝ ගමන් බිමන් යනාදී වශයෙන් එක් එක් පුද්ගලයා පෘථිවියට එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් බලපාන ආකාරය පෙන්වා දුන් අගමැතිවරයා, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සෑම කෙනෙකුටම දායක විය හැකි බව පෙන්වා දුන්නේය.
බුදුන් වහන්සේගේ ධර්මයේ මගපෙන්වීමට අනුව ඉන්දියාව ආරම්භ කර ඇති මුලපිරීමක් වන ‘පරිසරය සඳහා ජීවන රටාව’ පිළිබඳව පැහැදිලි කරමින් අගමැති මෝදි සඳහන් කරන ලද්දේ, මිනිසුන් දැනුවත් වී ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන්නේ නම්, දේශගුණික විපර්යාස පිළිබඳ මෙම දැවැන්ත ගැටලුවට ද මුහුණ දිය හැකි බවයි.
සිය දේශනය අවසන් කරමින් අගමැතිවරයා ‘භවතු සබ්බ මංගලම්’ එනම් බුදුන් වහන්සේ සංකේතයක් පමණක් නොව ප්‍රතිබිම්බයක් ද බවට පත් කර ගත යුතු බව අවධාරණය කළේය.













