ඩෙවෝන් ඇල්ලෙන් පැන්න සිව්දරු මව සොයා මෙහෙයුමක් (ඡායාරූප සහ වීඩියෝ)

පවුල් ආරවුලක් හේතුවෙන් පැමිණිල්ලක් කිරීමට දිඹුලපතන පොලිසියට පැමිණ සිටියදී ඩොවොන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වූ සිව් දරු මව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

අද දහවල් පොලිසිය ආසන්නයේ පිහිටි දිය ඇල්ලෙන් පැන මෙලෙස අතුරුදහන් වී ඇත්තේ බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිව්දරු මවක්.

දරුවන් දෙදෙනෙකු සමග දිඹුලපතන පොලිසියට පැමිණි මෙම කාන්තාව පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් එම දරුවාට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට බීමට වතුර වීදුරුවක් රැගෙන එන ලෙසටයි.

දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග මෙම කාන්තාව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියාසිටියේ.

ඇය සමග ගිය දරුවා යළි පොලිසිය වෙත දිවගොස් මව දිය ඇල්ලෙන් පහලට පැන්න බව දැනුම් දී ඇති අතර ඒ අනුව එම මව සොයා දිඹුලපතන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම කාන්තාව සෙවීමේ මෙහෙයුම්වලට ද බාධා මතුවී ඇතැයි සඳහන්.

https://www.youtube.com/watch?v=_M4D78MDXXo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26