ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඊයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත වුණා.

අනතුරුව පැවති විචිත්‍රවත් නර්ථනාංග නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් සිදු කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ ජනාධිපතිවරයා මෙහිදී සුහද කතා බහකද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23