AFC Banner
Empty Ad
Empty Ad

අනතුරුවලට අත වනනා බෝක්කුවක් ( ඡායාරූප )

වැල්ලවාය නගරයේ බොක්කුවක් කැඩී වසර ගණනක් ගතවුනත් බෝක්කුව තවම පිලිසකර කර නැහැ.

වැල්ලවාය නගරයේ ඇල්ල මංසන්ධිය අසල ඇති බෝක්කුවක් කැඩී ගොස් වසර ගනනක් වුවද එම අබලන් බෝක්කව මේ වන තෙක් පිලිසකර කර නොමැති නිසා විශාල අවදානමක් මතු වී තිබෙනවා.

මෙම බෝක්කුව කැඩී යාමත් සමඟ එම ස්ථානයේ අනතුරු රැසක්ම මේ වන විට සිදු වී ඇති අතර ඉදිරි වර්ෂාපතනය කාලයේ දී මෙම බෝක්කුව තවත් අවදානම් වීමට ඉඩ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

බෙරගල,ඇල්ල,කොළඹ සහ මොණරාගල ප්‍රදේශවලට ගමන් කරන ජනතාව නිරන්තරයෙන් මෙම මංසන්ධිය ට පැමිණෙන අතර ඊට අමතරව වැල්ලවාය මූලික රෝහලද මෙම බෝක්කුව අසලම පිහිටා තිබෙනවා.

එම නිසා රෝහලට පැමිණෙන රෝගින්ගේ ජීවිත වලටද මෙම බෝක්කුව සහිත ප්‍රදේශය දැඩි තර්ජනයක් එල්ල කර ඇති අතර විශාල අනතුරක් සිදු වීමට පෙර මෙම බෝක්කුව පිලිසකර කර දීම බලධාරීන් සතු වගකීමක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?