ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

මැදගම දිඹුල්දෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමක් වාර්තා වනවා.

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මැදගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ කොටබෝව මැදගම ප්‍රදේශයේ වයස අවුරුදු 47ක් වු පුද්ගලයෙක්.

පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර මෙම ඝාතනය සිදු කල පුද්ගලයාද මැදගම රෝහලට ඇතුලත් කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන මොණරාගල සිරිගල රෝහල වෙත මාරුකර තිබේ

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !