අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත උදාවෙයි

මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය කිරිමේ නැකත උදා වුණා.

අපරභාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද අපරභාග 02.59 ට උදා වුණා.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද උදෑසන 08.35ට යි. අද රාත්‍රී 09.23 ට පුණ්‍ය කාලය නිමාවට පත් වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ටමෙවර අළුත් අවුරුද්දේ නැකත් වාරිත්‍රවලට අනුව හිස තෙල්ගෑමේ නැකත යෙදී තිබෙනවා. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි” යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන් වී ඇත්තේ.

රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක් ද ඇතුලත්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36