හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුලු 2ක් අත්අඩංගුවට

මැඩගස්කර් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 74ක්, මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන සිදු කර නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

පිටකෝට්ටේ සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 64ක් සොයා ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය පිළිබඳ සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයාගේ සම්බන්ධීකරණය මත මාතර වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු සලසා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් තවදුරටත් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වූ කරුණු මත සැකකාර කොස්තාපල්වරයා ජංගම දුරකථන දෙකක් සමඟ මිරිහාන පොලිස් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙතටයි භාරදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08