මිලියන 92ක හෂීස් සමඟ විදේශිකයන් 3ක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශිකයන් තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දිනසිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

උතුරු මැද නාවික විධානයට අයත් තම්මැන්නා නෞකාවට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා අද තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.

මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු විදේශීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි උර 03ක් තුළ පාර්සල් 95ක අසුරන ලද හෂීස් කිලෝ ග්‍රෑම් 92ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 92කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් තිදෙනා, හෂීස් කිලෝ ග්‍රෑම් 92ක පමණ තොගය සහ ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21