රුමේනියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
එම කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු නාමල් රාජපක්ෂ මහතා ප්රධානත්වයෙන් ඉකුත්දා(මාර්තු 22) පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
රුමේනියාවේ සැලකිය යුතු ශ්රී ලාංකිකන් පිරිසක් සිටින බවත් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත් කමිටුව මෙහිදී පෙන්වා දුන්නා.
එහිදී නිලධාරීන් ප්රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.
සේවක සංඛ්යාව දැනටමත් අනුමත කර ඇති අතර තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පැවසුණා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, අකිල එල්ලාවල,යදාමිණි ගුණවර්ධන,හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.
















Good
ලංකාවෙ ඉන්න බැරුව හොරුන්ගෙන් ගැලවෙන්න මෙහෙ ආව. අන්තිමට මුන් මෙහෙටත් එනව.. එම්බසියක් දාන එඅ හොදයි. නමුත් මිනිස්සුන්ගෙ දුක දන්න ඇත්තටම සේවයක් කරනව නම්. ඒත් එන්නෙ හොරෙක් අනිවාර්යයෙන්ම හොරුන් පත් කරල එවන..
Good idea .Ms Harini take actions .go ahead.u r suitable to prez. In new SL
First country in EU . That brought corruption ro zero in 3 yras.by system change at re engineering wholesale level
මමත් දැනට රොමෙනියාව රැකියාවක නිරත වෙනවා අපේ බොහෝ අයට බොහෝ අවස්ථාවල ඉතා නරක අසාධාරණ වලට ලක් වෙනවා නමුත් අපිත් සමග වැඩ කරන රැමෙනියානූවන්ට වඩා අපි ඉතා හොඳින් සේවය ලබා දෙනවා… ලංකාවේ බොහෝ පිරිසක් ඉතා ලොකු මුදලක් වැය කර මෙවැනි රටකට පැමින දුක් විදිනවා මෙතන ඒජන්සි කාරයො ඉතා අසාධාරණ මුදලක් හොයනවා ඒ පිළිබඳව දැනුවත් වීමක් රජයක් වශයෙන් තිබේද…හැකි ඉක්මනින් රාජ්ය තානාපති කාර්යාලය මෙහි ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.