“බැට්මෑන් ” නළුවාට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් උණුසුම් පිළිගැනීමක්

හොලිවුඩ් සුපිරි නළු ක්‍රිස්ටියන් බේල් ඊයේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සිට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළ දක්වා ගුවන් ගමනක යෙදී තිබුණා.

ශ්‍රී ලංකාවේ සිනමා රසිකයන් අතරත් අතිශයින් ජනප්‍රිය වූ “බැට්මෑන් ” චිත්‍රපට මාලාවේ “ද ඩාර්ක් නයිට් ” චිත්‍රපටයේ බ්රූස් වේන්ගේ චරිතයට පණපොවමින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිස්ටියන් හට UL 115 ගුවන්යානා කාර්ය මණ්ඩලයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබූ බවයි වාර්තා වුණේ.