ත්‍රීරෝද රථයක් පැහැරගත් අයියා මලෝ අත්අඩංගුවට

පානදුර කළුදෑවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරුට පහරදී තිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පානදුර පින්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථ හිමිකරු සිය බිරිඳ සමග පානදුර මූලික රෝහලට ගොස් බිරිඳ රෝහලේ නවතා නැවත පැමිණ ත්‍රිරෝද රථය නිවාස ඉදිරිපිට නවත්වනවාත් සමග සැකකරුවන් රියදුරුට පහර දී තිරෝද රථය පැහැරගෙන ගොස් තිබුණා.

එම සැකකරුවන් පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට පින්වත්ත පොලිසියට හැකිවූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට හා කොල්ල කෑම් වලට සම්බන්ධ පුද්ගලයන් බව අනාවරණය වුණා.

සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 5100 ක් ද පොලිසිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16