මත් සාදයේ සතුටු වූ කතුන් හතරක් සමඟ එකොළහක් අත්අඩංගුවට

නවගමුව, නාගහවත්ත පාර රනාල ප්‍රදේශයේ නිවසක් තුළ මත් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත පොලිසිය ඊයේ (03) එහි වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී කාන්තාවන් සිව්දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නවගමුව පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 850ක් පොලිසිය විසින් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් වයස අවුරුදු 28ත් 48ත් අතර වයස්වල පසුවන තැනැත්තියන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතුරුගිරිය, වත්තතල, වැල්ලම්පිටිය සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකරුවන් අවුරුදු 25ත් 44ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් රනාල, බියගම, මරදාන, හෝකන්දර, අතුරුගිරිය, වත්තතල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16