පියා ගුවනට සමු දෙද්දී පුතා සහායට එයි (ඡායාරූප සහ වීඩියෝ)

ගුවන් නියමුවෙකු වන තම පියා ගුවන් ගමන්වලට විශ්‍රාම දෙමින් නිරත වන අවසන් ගුවන් ගමනේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට ඔහුගේ පුතුට අවස්ථාව ලැබීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වනවා.

මේ පිළිබඳ අද වාර්තා වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ හරසර මැද ශ්‍රී ලංකන් ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා සේවයෙන් සමුගත්තා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 40ක සේවා කාලයක් සම්පුර්ණ කළ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා අද (31) ඔහුගේ අවසන් පියාසැරිය නිම කළේ ඉන්දියාවේ මදුරාසි සිට කටුනායකට පැමිණෙමින්.

මදුරාසි සිට කොළඹට ළඟා වූ UL 138 ගුවන් යානය රැගෙන එමින් ඔහු දශක හතරක සේවා කාලය අවසන් කළා.

ඔහුගේ සමුගැනීම වෙනුවෙන් උපහාර උළෙලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංවිධානය කර තිබූ බවයි අප වර්තකරුවන් සඳහන් කළේ.

එහිදී ගුවන් යානයට චාරිත්‍රානුකූලව ජල ආචාරයක් ද සිදු කරන ලද අතර උත්පල කුමාරසිංහ මහතාගේ අවසන් පියා සැරිය වෙනුවෙන් සහායක ගුවන් නියමුවරයා ලෙස ඔහුගේ පුත්‍රයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු රහල් කුමාරසිංහ මහතා ද එක්වීම විශේෂත්වයක්.

උත්පල කුමාරසිංහ මහතා 1979 වසරේ දී සහකාර ගුවන් මෙහෙයුම් නිලධාරියෙකු ලෙස ගුවන් සේවයට එක් වූ අතර 1982 වර්ෂයේ දී පුහුණු ගුවන් නියමුවරයෙක් ලෙස සේවය ආරම්භ කර තිබෙනවා.

අනතුරුව ඔහු 1993 වසරේ දී ගුවන් නියමුවරයෙක් ලෙස ගුවන් සේවයට එක් වී තිබෙනවා.

මේ දක්වා ගුවන් සේවයේ උන්නතිය සහ කීර්තිය වෙනුවෙන් අති විශාල මෙහෙවරක් සිදු කළ උත්පල කුමාරසිංහ මහතා අද දින විශ්‍රාම ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස රාජකාරී කරමින් සිටියදීයි.

https://www.youtube.com/watch?v=Wxa_grw54CI&t=9s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51