නිධන් සොයා පොළොව හෑරු පහක් පොලිස් අත්අඩංගුවට

පූනෑව, අනේකට්ටිය ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් පිරිසක් එම කැණීම් සිදුකිරීම සඳහා උපයෝගී කරගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පූනෑව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 44ත් අතර වයස්වල පසුවන පිළියන්දල, පූනෑව, හෝකන්දර, මැදවච්චිය සහ වාරියපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් හෙට (27) දිනයේ දී මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?