වැඩි මිලට සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා වැලීම්

උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ආහාර තොග අලෙවිසල්, ගබඩා හා සිල්ලර වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමටයි එම අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී ඇතැම් විට කූට වෙළෙඳුන් විසින් වැඩි මිලට මෙන් ම ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ ඇති බැවින් මෙම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.

මෙවැනි උත්සව සමයන්වලදී ජංගම දුරකතන මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව බොහෝ සෙයින් පෙලඹෙන අතර එවැනි අවස්ථාවල ජනතාවට සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

භාණ්ඩ මිල දී ගැනීමේදී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන්ගෙන් යම් අක්‍රමිකතාවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, ප්‍රමිතියෙන් තොර ආහාර විකිණීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකර ආහාර අලෙවිය ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග නොතකා කටයුතු කරන සියලු වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික අධිකාරිය අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27