කිවියන් ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ් හිදී පැවති පළමු එක්දින තරගයෙන් දරුණු පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (25) සිදුවුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් නවසීලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 198කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49යි පන්දු 03ක් තුළ සියල්ල දැවී ලකුණු 274ක් රැස් කළා.

මෙහිදී නවසීලන්ත සියලු පිතිකරුවන් උද පන්දු ලබාදෙමින් දැවීයාම විශේෂත්වයක්.

ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 07 දෙනෙක්ම ලකුණු 10ට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියල්ල දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම දරුණු පරාජයත් සමඟ එළඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36