ජනපතිගේ ජන්ම දිනය නිමිත්තෙන් මිහිඳු සෙත් මැදුරේ විශේෂ වැඩසටහනක් (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.

එහිදී එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීම සහ තෑගි බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය එම අවස්ථාවට සහභාගිව සිටියා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ඇතුළු අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙහිදී රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට තෑගි බෙදාදීමට එක් වුණා.

මෙහිදී පෞද්ගලිකවම නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ කටයුතු සොයා බැලීමට ද පිරිස කටයුතු කළ අතර එක් රණවිරුවෙකුගේ ඉල්ලීම මත ජංගම දුරකථනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධකර ගනිමින් උපන්දින සුබ පැතුම් පිරිනැමීමට ද අවස්ථාව සළසා දුන්නා.

මිහිඳු සෙත් මැදුර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා ඇති රණවිරුන් සඳහා අවධානය, අඛණ්ඩ රැකවරණය සහ සහාය ලබාදෙන නිවහනක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?