ජනපතිගේ ජන්ම දිනය නිමිත්තෙන් මිහිඳු සෙත් මැදුරේ විශේෂ වැඩසටහනක් (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.

එහිදී එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීම සහ තෑගි බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය එම අවස්ථාවට සහභාගිව සිටියා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ඇතුළු අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙහිදී රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට තෑගි බෙදාදීමට එක් වුණා.

මෙහිදී පෞද්ගලිකවම නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ කටයුතු සොයා බැලීමට ද පිරිස කටයුතු කළ අතර එක් රණවිරුවෙකුගේ ඉල්ලීම මත ජංගම දුරකථනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධකර ගනිමින් උපන්දින සුබ පැතුම් පිරිනැමීමට ද අවස්ථාව සළසා දුන්නා.

මිහිඳු සෙත් මැදුර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා ඇති රණවිරුන් සඳහා අවධානය, අඛණ්ඩ රැකවරණය සහ සහාය ලබාදෙන නිවහනක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40