රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශයෙන් තබ්බෝව වනසන හැටි(ඡායාරූප)

තබ්බෝව අභය භුමියට අයත් සිමාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිසි අවසරයකින් තොරව වැලි කපා ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වන ජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තබ්බෝව අභය භුමියට අයත් 640 ඩි තම්බපණ්නීය ග්‍රාම නිළධාරි වසමේ පන්සල් ගල ආසන්නයේ මෙම වැලි කැණිම සිදුව ඇති බව වනජීවි නිළධාරින් පැවසුවා.

මේ සදහා අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිළධාරිවරිය අනුමැතිය ලබා දී ඇති අතර කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් වරයා මැදිහත් වී වැලි කැණිම් සදහා ව්‍යාපාරිකයෙකුට අදාල බලපත්‍ර සකසා දීමට ද කටයුතු කර ඇති බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.

අදාල වැලි කැණීම් සදහා ප්‍රාදේශීය ලේකම් වරයාගේ මැදිහත් වීමෙන් වයඹ පළාත් පරිසර අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව,වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ,වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යන රාජ්‍ය ආයතන විසින් අදාල නිර්දේශ ලබා දිමේන් පසු භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් 2023 මාර්තු 3 දින මෙම ස්ථානයේ වැලි කැණිම් කිරීමට සුදුසු බවට නිර්දේශ නිකුත් කරමින් අදාල බලපත්‍ර ලබා දීම සිදු කර තිබෙනවා.

නමුත් මෙම බලපත්‍ර ලබා දීමේ දී ඉහත රාජ්‍ය ආයතන වැලි කැණීම් සිදුවන ස්ථානය නිසි ලෙස අධික්ෂණය සිදු කර නොමැති බවයි වනජීවි දෙපාර්තුමේන්තුව පවසන්නේ.

අදාල වැලි කැණිම තබ්බෝව අභය භුමිය තුල පිහිටා ඇති රජයෙ ඉඩමක සිදුකර ඇති බව පවසන වනජීවි දෙපාර්තුමේන්තුව තබ්බෝව අභය භුමිය වැනි සංවේදි පරිසර පද්ධතියක් තුළ සිදුකළ මෙම වැලි කැණිම සදහා නිර්දේශ ඉදිරිපත් කළ නිලධාරීන්
වගකීම් රහිතව කටයුතු කර ඇති බවට චෝදනා කළා.

තබ්බෝව අභය භුමියක් වන විටත් එහි ජනපද පිහිටා තිබිම සැලකිල්ලට ගනිමින් ජනතාවට ගැටළුවක් නොවන ලෙස අදාල භුමිය තුල පදිංචි විමට අවසර ලබා දී තිබුනද අභය භුමියට කිසිදු ලෙසකින් හානියක් වන කටයුත්තක නිරත වීමට අවසර ලැබුණේ නැහැ.

එය අභය භුමියක් ලෙස 2002 ජූලි 19 දින අංක 1245 / 31 අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මගින් තබ්බෝව ජලාශයෙ ජල මට්ටම,රාල්මඩුව වැව, කළාඔය,දක්වා දිවෙන තීරයේ ගම්බිරිගස්වැව,විළදගොඩ,සිට පහරිය විද්‍යාලය දක්වා තබ්බෝව රක්ෂිතය ලෙස මායිම් ලකුණු කර ඇති බව වනජීවි දෙපාර්තුමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව පවසන්නේ වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත ද කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් වරයා හා අනිකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් අමු අමුවේ උල්ලංඝණය කර ඇති බවයි.

ඒ හේතුවෙන් තබ්බෝව රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට තමන් දරන පරිශ්‍රමය ද අපතේ යන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ

නිසි පරිසර අධ්‍යනයක් පවා සිදුකර නොමැතිව රක්‍ෂිතයේ වැලි කැපීමට ව්‍යාපාරිකයකුට අවසර දීම ගැන පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා දැක්වුයේ මෙවැනි අදහසක්

“ මේ කැණීම් කර තිබේන්නේ තබ්බෝව අභය භුමියට අයත් සිමාවේ.නමුත් මෙවැනි කටයුත්තක් සිදුවන බවට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් හෝ කිසිම ආයතනයකින් අපට දැනුම් දිමක් හෝ ලිපියක් යොමු කර නැහැ. අභය භුමිය තුල
මේ කැනිම් කරන ස්ථානයෙ වසර 25 කට පෙර පදිංචි පවුලක් සිටින්නේ.නමුන් ඔවුන්ට කිසිම ලෙසකින් බලපත්‍රයක් හෝ ලබා දී නැහැ. අභය භුමියක් තුල පැරණි ඉඩම් තිබේන්න පුළුවන්, නමුත් එසේ තිබුනාට කිසිම ලෙසකින් වනජීවි අන පනත් උල්ලංඝණය කරමින් කිසිම දෙයක් කිසිවකුටත් කරන්න හැකියාවක් නැහැ.
එහෙම තිබෙන පසුබිමක් තුළයි කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්තුමා මේ ස්ථානයට වැලි නිස්සාරණයට(කැණිම් සදහා) අවසර ලබා දී තිබෙන්නේ, අනික් කරුණ තමා මේ ස්ථානයට අවසර ලබා දුන් අනික් රාජ්‍ය ආයතන පවා සොයා බැලිමක් සිදුකර නැති බව සනාථ වෙනවා.ඒ නිසා අදාල කටයුතු සම්බන්ධනේ අපි අධිකරණයට කරුණු වාර්තා කර තිබේනවා”

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගෙන් අප විමසීමක් කළා.

“අපිට කිසිම වෙලාවක වන ජීවි නිළධාරින් එයාලාගෙ මායිම් හදුන්වා දී නැහැ.මාව දැනුවත් කරලත් නැහැ.මම දැනුවත් වෙලාත් නැහැ මේ ස්ථානය වන ජීවියට අයත් තබ්බෝව අභය භුමිය කියලා.දැන් වනජීවියට කියන්න පුළුවන්නේ මම ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වන ජීවියට අයිති වෙනවා කියලා.එහෙම බැහැ තබ්බෝව ප්‍රදේශ පිලිබදව මාව කිසිම වෙලාවක දැනුවත් කර තිබුනේ නැහැ.

ඒ නිසා අදාල ස්ථානයට අපි අවසර ලබා දිම සිදුකලා.මගේ ග්‍රාම නිළධාරිනියත් මාව දැනුවත් කර තිබුනේ නැහැ යැයි ඔහු පවසන්නට විය.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා එම බල ප්‍රදේශය තුළ සේවය කරන්නේ වසර 10 ක කාලයක සිටයි.

රැස්ස ගස් බිම හෙළා තිබු අයරු scaled
තබ්බෝව අයත් වන්නේ කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය යටතටය scaled
වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් වැලි ටිපර් පරික්ෂා කරන අයුරු 2 scaled
වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් වැලි ටිපර් පරික්ෂා කරන අයුරු 1 scaled
අභය භුමියෙ වැලි කැණිම් සිදුකල ස්ථානය scaled
වැලි කැණිම සදහා වටිනා ශාඛ වනසා ඇති ආකාරය scaled
වැලි කැණිම් සිදුවු ස්ථානයේ වැලි scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?