ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 ඉන්දියාවේදී ආරම්භ වනවා – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 05 දින ඉන්දියාවේ ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

නමුත් මෙය තවමත් නිළ නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත්වී නැහැ.

ඒ එම තරඟය තම රටට ලබාගැනීමට පාකිස්තානයද උත්සහ කිරීමේ පසුබිම තුළ.

දින 46ක් පුරාවට පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් දහයක් නියෝජනය කරමින් කණ්ඩායම් 10ක් තරග වදින අතර තරග වට 48ක් ඊට ඇතුලත් වනවා.

අවසාන මහා තරගය නොවැම්බර් 19 දා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?