පැමිණීමට නොහැකිව කුවේට් හි රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු දිවයිනට(ඡායාරූප)

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් පිඩාවට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහ කුවේට් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

අද දින ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි නමුත් ඉන් තිදෙනෙකුගේ ලියකියවිලි සම්පුර්ණ නොවීම මත ඔවුන් අතරින් තිදෙනෙකුට දිවයිනට පැමිණීමට හැකි වුයේ නැහැ.

මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු සිටිනවා.

ඔවුන් වසර 04 කට අධික කාළයක් කුවේට් රාජ්‍යයේ විවිධ ස්ථානවල සේවය කර ඇති බව සදහන්.

මෙම පිරිස කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ලියාපදිංචි වී සිටි අතර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ඔවුන් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණා.

001
002
003
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?