පස්කන්දක් කඩාවැටී ගාල්ල – යක්කලමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි(ඡායාරූප)

යක්කලමුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක් අසල පස් කන්දක් මහා මාර්ගයට කඩා වැටිම හේතුවෙන් ගාල්ල – යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ ඊයේ සවස කඩා වැටුණු පස් කන්ද තවමත් මාර්ගයේ පවතින බවයි.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධික්ෂණය මත අද එය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගාල්ල සිට යක්කලමුල්ල දක්වාත් යක්කලමුල්ලේ සිට ගාල්ල දක්වාත් ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

IMG 20230316 WA0053
IMG 20230316 WA0054